ගොඩනැගිලි ද්‍රව්‍යවල මිලත් අඩුවෙන ලකුණු

ගොඩනැගිලි ද්‍රව්‍යවල මිලත් අඩුවෙන ලකුණු

රුපියලේ අගය 20%කින් පමණ අධිප්‍රමාණය වී ඇති පසුබිම තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහළ ගොස් ඇති ආකාරය සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය ප්‍රධානත්වයෙන් අද (30) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මෙහි දී විශේෂයෙන් ම ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි බලගැන්වීම සඳහා වන යෝජනා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කල බවයි වාර්තා වී ඇත්තේ.

ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල පහත බැස ඇති බවත්, ඊට ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බව අමාත්‍යවරයා මෙහි දී කියා සඳහන් කර තිබෙනවා.

විවෘත ආර්ථිකය යටතේ මිල අඩුවීමේ ඉබේ සිදු වීමට ඉඩ නොතබා අවශ්‍ය මැදිහත්වීම් සිදු කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මිල වැඩිවීමේ වේගයට සාපේක්ෂව මිල අඩුවීම සිදු වන්නේ ඉතා මන්දගාමී ආකාරයෙන් බව සඳහන් කළ සියඹලාපිටිය කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය සහය ලබා දීමට රජය සූදානම් බවයි.

රජය මගින් විවිධ කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවා දැමීමට තිබුණ රුපියල් බිලියන 360ක බිල්පත් ගෙවා දැමමින් සිටින බව පෙන්වා දුන් සියඹලාපිටිය අමාත්‍යවරයා තව ඇත්තේ රුපියල් බිලියන 135ක බිල්පත් පමණක් බව ද කියා සිටියා.

ඉදිරි කාලය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහත යන ආකාරය නිරීක්ෂය කරමින් මසකින් රැස්වී අදාළ මිල ගණන් පහත දමන ප්‍රතිශතය නිශ්චිත දැනුම් දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

පසුගිය දා අමාත්‍යවරයා දේශීය සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමග පැවැති මෙවැනි සාකච්ඡාවකින් අනතුරුව පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් පහත හෙලීමට ද තීරණය කර තිබුණා.

COMMENTS