එළුවන්ටත් රක්ෂණාවරණයක්

එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබෙන බව එම මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් . එම්. එම්. බී. වීරසේකර සඳහන් කර තිබෙනවා.
කෘෂිකාර්මික ක්ෂේත්රයට අදාල අංශ ගණනාවක් සඳහා මෙම නව රක්ෂණාවරණ ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි ද සභාපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙහි දී සභාපතිවරයා සඳහන් කළේ පශු සම්පත් පාලනයේ දී රජය විසින් ඉදිරි වසර පහ ඇතුලත එළුවන් 70,000ක් ලබා දීමේ වැඩ පිළිවෙළ යටතේ එළුවන් සඳහා ද රක්ෂණාවරණයක් ලබා දීම සඳහා කටයුතු යොදා ඇති බවයි.
සාමාන්‍යයෙන් එළුවෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන අතර වාර්ෂිකව රුපියල් 400ක රක්ෂණ දායකත්වයක් මගින් එළුවන් රක්ෂණය කිරීමට අවස්ථාව සලසා දීමටත්, එළුවන් සොරකම් කිරීමක දී හෝ හදිසි මරණයට පත් වූ විට උපරිම වන්දියක් ලබා දීමත් දීමටත් කටයුතු යොදා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම එළුවන් නොමිලයේ ලබා දීමේ වැඩ පිළිවෙළ සඳහා රජය මෙම වසරට රුපියල් මිලියන 150ක මුදලක් ලබා දී ඇති බවද වාර්තා වී තිබෙනවා.

