පොසොන් වැඩසටහනට ප්‍රතිපාදන නොමැති බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා

අනුරාධපුර පොසොන් වැඩසටහනට ප්‍රතිපාදන නොමැති බවට විවිධ පාර්ශව කරන චෝදනා රජය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර සිටිනවා.
අමාත්‍යාංශ දෙකක්, එක් දෙපාර්තමේන්තුවක් සඳහා රුපියල් මිලියන 28.8ක් දැනටමත් ලබා දී ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වූයේ.
එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ 2019 වසරෙන් පසු පොසොන් මිහින්තලා පෙරහැර සඳහා බුද්ධශාසන අමාත්‍යාංශයෙන් වැඩිම ප්‍රතිපාදන වෙන්කර ඇත්තේ මේ වසරේදී බවයි.

