බයවෙන්න එපා, ඉන්ධන හිඟයක් නෑ – ඇමති කාංචන

ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී සමාගම සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි.
ඇතැම් ප්‍රදේශවල යම් ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇත්තේ මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් ඇතැම් ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීම හේතුවෙන් බවද කංචන විජේසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා.
කෙසේ වෙතත් අමාත්‍යවරයා කියා සිටියේ අලෙවි නියෝජිතයින් විසින් 50%ක අවම ඉන්ධන තොගයක් සෑම විටම පවත්වාගෙන යා යුතු වන අතර ඒ ආකාරයෙන් කටයුතු නොකරන ඉන්ධනහල් සමාලෝචනය කර ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙසයි.

