“මේ බජාර් එකට මල්ලී” ගීතයට තහනම් නියෝගයක්

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පද රචනය කර රෝහණ වීරසිංහ මහතා සංගීතවත් කළ ”මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍යවල මුදා හැරීම තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු ඊයේ (31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මෙම ගීතය අනුමැතියකින් තොරව වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍යවල මුදා හැරීම තුළින් සිය බුද්ධිමය දේපළ හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් ආචාර්ය රෝහණ වීරසිංහ ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ ”ඇඩ්ර්ස් නෑ” චිත්‍රපටය ”මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය රචනා කර තිබුණා.
ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලද්දේ ‘සරිගම ෆිල්ම්ස්’‘, සන්තුෂ් වීරමන් හා සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් යන ආයතන සඳහා බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් තම බුද්ධිමය දේපළ හිමිකම් ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලමින් බුද්ධිමය දේපළ පනත යටතේ ආචාර්ය රෝහණ වීරසිංහ අදාළ පෙත්සම ගොනු කර තිබෙනවා.

