පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට රට ගමන් තහනමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට රට ගමන් තහනමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ පොලිසිය විසින් කළ ඉල්ලීමකට අනුව කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

යාපනය – මරදන්කේනි ප්‍රදේශයේ පිහිටුවා ඇති සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙම විදෙස් ගමන් තහනම පනවා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ පක්ෂයේ සංවිධායකවරියක් සහ තවත් පුද්ගලයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.