රණවිරුවන්ගේ සංශෝධිත සලාක දීමනා ලඟදීම

රණවිරුවන්ගේ සංශෝධිත සලාක දීමනා ලඟදීම

ආබාධිත රණවිරුවන් සහ රණවිරු පවුල් වෙත සංශෝධිත සලාක දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව දැනට වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින පුද්ගලයින් සහ යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත මෙම සංශෝධිත සලාක දීමනා ලබාදීමට නියමිත බවය.

එසේම අදාළ පවුල් සහ රණවිරුවන් වෙතින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසටය.