LPL ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් 358ක්

LPL ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් 358ක්

ලබන බදාදා කොළඹදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් 358 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන LPL ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායම් පහක හිමිකරුවන් විසින් ක්‍රීඩකයින් මිලදී ගැනීමට නියමිත අතර ලොව සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙම වෙන්දේසියේදී අලෙවි වීමට නියමිතයි.

ඒ අතරට ඉන්දියාවේ සුරේෂ් රයිනා, ඔස්ට්‍රේලියාවේ ක්‍රිස් ලීන්, බෙන් කටින්,දකුණු අප්‍රිකාවේ රේසි වැන්ඩ ඩූසන්,නවසීලන්තයේ කොලින් ඩී ග්‍රන්ඩ්හෝම්, බංග්ලාදේශයේ තමීම් ඉක්බාල් ,මුෂ්ෆිකර් රහීම්,කොදෙව් ක්‍රීඩකයින් වන ඒවින් ලුවීස් ,කාලෝස් බ්‍රාත්වෙට්, ඇෆ්ගනිස්ථානයේ නූර් අහමඩ් සහ මොහොමඩ් නබී ඇතුළත්.

මෙම වෙන්දේසියට පෙරම ඩේවිඩ් මිලර්,බාබර් අසාම්,ශකීබ් අල් හසන්,මැතිව් වේඩ් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් මෙවර LPL තරගාවලිය සමඟින් ගිවිසුම් ගත වුණා.