උරගස්මංහන්දියේ වෙඩි තැබීමක්

උරගස්මංහන්දියේ වෙඩි තැබීමක්

පොලිස් අත්අඩංගුවට ගැනීමක් අතරතුර වෙඩිතැබීමක් සිදු වී තිබෙනවා.

ගාල්ල උරගස්මංහන්දිය ප්‍රදේශයේ දී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලීසිය සමඟ පොරබැදීමක් සිදුවීමෙන් අනතුරුව මෙම වෙඩිතැබීම සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර සැකකරු පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.