මාර්ගයක් වැසේ

මාර්ගයක් වැසේ

නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා දැමීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර කොටා පාර දුම්රිය හරස් මාර්ගය ලබන 17 වැනිදා පෙරවරු 7.00 සිට ජුනි මස 18 වැනිදා පෙරවරු 5.00 දක්වා සම්පූර්ණයෙන් වසා තැබීමට සිදුවන බවයි.

මෙම දුම්රිය හරස් මාර්ගය වසා තබන කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම්දීමක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

COMMENTS