හෙට සිට ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට්

හෙට සිට ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල හෙට (15) සිට ආරම්භ කරන බව‍ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

නව වැඩපිළිවෙල යටතේ අයඳුම් කර දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවක් හරහා නිවසටම ගෙන්වා ගත හැකි බවත්ම හජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ඔහු පවසන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි තව දුරටත් ක්‍රියාත්මක වන බවයි.

COMMENTS