LPL වෙන්දේසිය අද

LPL වෙන්දේසිය අද

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩකයින් 360 දෙනෙකු කුළුඳුල් LPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන අතර ඊට විදෙස් ක්‍රීඩකයින් 156 දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයින් 254 දෙනෙකු ඇතුළත්.

මෙම වෙන්දේසියේදී එක් කණ්ඩායමක් සඳහා විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයින් 16 දෙනෙකු මිලදී ගත හැකි අතර දැනටමත් සෑම කණ්ඩායමක්ම දේශීය සහ විදේශීය ක්‍රීඩකයින් දෙදෙනා බැගින් සිය කණ්ඩායම් සඳහා එක් කර ගෙන අවසන්.

ඒ අනුව සෑම කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකුද සහ උපරිම දේශීය ක්‍රීඩකයින් 18 දෙනෙකු එක් කර ගැනීමට හැකිවනවා.

මීට අමතරව මෙම වෙන්දේසියේදී සෑම කණ්ඩායමක්ම වයස අවුරුදු 21 න් පහළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මිලදී ගැනීමත් අනිවාර්ය කර තිබෙනවා.

මෙවර LPL තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් පහ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 5 බැගින් හිමිවන අතර ඒ අනුව වෙන්දේසියට ඇතුලත් සමස්ථ මුදලේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2යි දශම 5ක් වනවා.

මූලික ලංසු මුදල ඩොලර් 10,000, 20,000, 30,000, 40,000 සහ 50,000 ලෙස කාණ්ඩගත කර ඇති මෙම වෙන්දේසියේදී මිලදී ගන්නා සෑම ක්‍රීඩකයෙකුට වසර තුනක කොන්ත්‍රාත් ගිවිසුමක් හිමිවනවා.

නමුත් එක් තරගාවලියක් නිමා වී හෝ පසු මිලදී ගත් ක්‍රීඩකයෙක් තවදුරටත් රඳවා ගන්නට හෝ ගිවිසුමෙන් ඉවත් කරමින් මීලඟ වෙන්දේසියට ඉදිරිපත් කිරීමට කණ්ඩායම් හිමිකරුවන්ට හැකියාව පවතිනවා.

COMMENTS