මාළු මිලදී ගැනීමට කේතයක්

මාළු මිල ගණන් ඉහළ නොයාම පිනිස මාළු සුරක්ෂිතව කල් තබා ගනිමින් ඉදිරියේදී යම් පාලනයක් කිරීමට ධීවර සංස්ථාව පියවර ගනිමින් සිටින බවත් මේ වෙනුවෙන් මූල්‍ය ශක්තිය ඇතිකර තිබෙන බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.
ඊයේ (13) පෙරවරුවේ ගම්පහ ධීවර සංස්ථා පරිශ්‍රයේදී මාළු මිලදී ගැනීම පිනිස කේතයක් හඳුන්වාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකළ අතර බැංකු 28ක සම්බන්ධීකරණය යටතේ ආරම්භ කළ මෙම ක්‍රමවේදය දිවයින පුරා ව්‍යාප්ත කරමින් ජනතාවට සහනයක් ලබා දෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියා.
මාළු ලබාගෙන සිය ඡංගම දුරකතනයේ ඇති කේතයක් ඔස්සේ බැංකු හරහා මුදල් ගෙවිය හැකි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

