දින 3කින් පාස්පෝට් ගෙදරටම එවන වැඩපිළිවෙල ඇරඹෙයි

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල ආරම්භ කිරීමේ සමාරම්භක උළෙල හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (15) ආරම්භ විය.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව රජය පවසයි.
මෙම නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කළ පසු අයදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට ලබාදෙන බවත් ඉන් අනතුරුව විදේශ ගමන් බලපත්‍රය නිවෙසටම ගෙන්වාගත හැකිවෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කදී ඇඟිලි සලකුණු ලබාදිය හැකි අතර සමන්තුරේ, පොතුවිල්, නුවරගම් පළාත මධ්‍යම, කැකිරාව, හොරොව්පොතාන, මහියංගණය, හපුතලේ, කෝරළෙයිපත්තු (වාලච්චේනයි), කාත්තන්කුඩි, සීතාවක, හෝමාගම, කරන්දෙණිය, අක්මීමන, නෙළුව, මීගමුව, මීරිගම, ගම්පහ, තංගල්ල, තිස්සමහාරාමය, චාවකච්චේරි, පේදුරුතුඩුව, ඉංගිරිය, මතුගම, පාණදුර, ගම්පොළ, කුණ්ඩසාලේ, පූජාපිටිය, ගලිගමුව, රුවන්වැල්ල, කරච්චි, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාලය, කුලියාපිටිය, නිකවැරටිය, මන්තායි බටහිර, නාවුල, අතුරලිය, දෙවිනුවර, බුත්තල, මුලතිව්, අඹගමුව, වලපනේ, ඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ, පුත්තලම, හලාවත, බළන්ගොඩ, කුරුවිට, ඇඹිලිපිටිය, කින්නියා සහ වෙංගලසෙට්ටිකුලම ඒ අතර වෙයි.

