පාස්කු ප්‍රහාර අවස්ථාවේ රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරියෙකුට වැඩ වරදී

පාස්කු ප්‍රහාර අවස්ථාවේ රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරියෙකුට වැඩ වරදී

2019 අප්‍රේල් මාසයේ පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයකු තමාට පැවරුණු රාජකාරිය ඉටු නොකිරීම හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම නිලධාරියාට විරුද්ධව පවත්වන ලද මූලික විමර්ශනයේ දී විනය කඩ කිරීම සම්බන්ධයෙන් චෝදනා 12ක් යටතේ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ බවත්, එහිදී සියළුම චෝදනාවන්ට වරද පිළිගත් බැවින් එම නිලධාරියාව සේවයෙන් පහ කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් තීරණය කොට තිබෙනවා.

ඒ අනුව 2023.06.14 වන දින සිට ඔහුව සේවයෙන් පහ කරමින් පිලිස් මූලස්ථානය විසින් අදාල නියෝගය නිකුත් කර තිබෙනවා.

COMMENTS