ජනපති දිවයිනෙන් පිටව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා පිටත්ව ගොස් තිබේ.
ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පැවසුවේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 649 දරණ ගුවන් යානයෙන් අද අලුයම 03.30ට පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බවය.
බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා සහ ප්‍රංශයේ පැරිස්නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

