2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්රිකට් තරඟාවලිය අද ඇරඹේ

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්රිකට් තරඟාවලිය අද (18) සිම්බාබ්වේදී ආරම්භ වේ.
A සහ B ලෙස කාණ්ඩ 2 ක් යටතේ තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් සහභාගී වේ.
A කාණ්ඩය යටතේ නේපාලය, නෙදර්ලන්තය, ඇමෙරිකාව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම් තරග කිරීමට නියමිතව ඇත.
ශ්රී ලංකාව, අයර්ලන්තය, ඕමානය, ස්කොට්ලන්තය සහ එක්සත් අරාබී එමීර් කණ්ඩායම් තරග බිමට පිවිසෙන්නේ, B කාණ්ඩය යටතේ යි.
තරගාවලිය ආරම්භ කරමින් නේපාලය සහ සිම්බාබ්වේ කණ්ඩායමත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇමෙරිකා කණ්ඩායමත් අද (18) තරග බිමට පිවිසීමට නියමිතයි.
සිම්බාබ්වේ, හරාරේ හිදී පැවැත්වෙන මෙම තරග ද්විත්වයම මෙරට වෙලාවෙන් අද (18) දහවල් 12.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන හෙට (19) එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
ඕමානය සහ ශ්රී ලංකාව අතර තරගය ලබන 23 වැනිදාත්, අයර්ලන්තය සහ ශ්රී ලංකාව අතර තරගය පැවැත්වෙන්නේ ජූනි 25 වැනිදායි.
B කාණ්ඩයේ ශ්රී ලංකාව සහභාගී වන අවසන් තරගය ජූනි 27 වැනිදා , ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වේ.

