දළදා මාලිගාවට ඇතුළුවීමට ගිය කසළ ලොරියේ ටී.56 උණ්ඩ කොපු රැසක්

දළදා මාලිගාවට ඇතුළුවීමට ගිය කසළ ලොරියේ ටී.56 උණ්ඩ කොපු රැසක්

රජ වීදිය ඔස්සේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු කිරීමට ගිය මහනුවර මහ නගර සභාවට අයත් කසළ ප්‍රවාහන ලොරි රථයක තිබී ටී.56 ගිනි අවි සඳහා යොදන හිස් පතරොම් කොපු 32ක් ඊයේ (18) පස්වරුවේ සොයාගෙන තිබේ.

දළදා මාලිගාවට අයත් ආරක්ෂිත කලාපයේ පිහිටි රජ වීදිය පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවකදී ලොරි රථයේ වූ කුඩා පොහොර උරයක තිබී මෙම හිස් පතරොම් කොපු තොගය හමුවී ඇත.

ලොරි රථයේ රියැදුරු සහ රිය සහායකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ දළදා මාලිගා පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.සේනාධීර මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.

COMMENTS