ඉන්ධන බවුසරයක් යුද හමුදා ජීප් රථයක ගැටී 5ක් රෝහලේ

ඉන්ධන බවුසරයක් යුද හමුදා ජීප් රථයක ගැටී 5ක් රෝහලේ

නුවර පාරේ රදාවඩුන්න ප්‍රදේශයේදී අද (20) උදෑසන ඉන්ධන බවුසරයක් යුද හමුදා ජීප් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරින් යුද හමුදා නිලධාරීන් පස් දෙනකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ හමුදා නිලධාරීන් ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව නිට්ටඹුව පොලිසිය පවසනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නිට්ටඹුව පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

COMMENTS