මෙරට සියළු වෘත්තිකයන්ට බලපත්‍රයක් හඳුන්වා දීමට සැරසෙයි

මෙරට සියලු වෘත්තිකයන්ට බලපත්‍රයක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ වෘත්තිකයන්ට පිළිගැනීමක් ලබා දීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.
එමඟින් ඔවුන්ට විදේශගත වීමේදී මෙන්ම මෙරටදීද වාසි රැසක් අත්වන බව අමාත්‍යවරයා කියා සිටියා.
මේ අතර රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ 55 හැවිරිදි කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අද කඳාන ප්‍රදේශයේදී සිය භාරයට ගෙන තිබෙනවා.
පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් මෙම කාන්තාව විසි හයලක්ෂ 75,000 ක පමණ මුදලක් මෙලෙස වංචා කර ඇති බවයි එම කාර්යාංශය පැවසුවේ.

