සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ කාලයේ වෙනසක්

සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ කාලයේ වෙනසක්

සංගීත සංදර්ශන අවසන් කිරීම තිබූ රාත්‍රී 10 සීමාව වෙනස් කර තිබේ.

ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30 දක්වාත් සංගීත සංදර්ශන පැවැත්විය හැකිය.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

එම සංගීත සංදර්ශන ආගමික ස්ථාන සහ රෝහල් වැනි ස්ථානවල සිට සාධාරණ දුරක් තබා ගනිමින් පැවැත්විය යුතු බව ද එම ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.