අපරාධ මැඩලීමට දැඩි පියවර ගන්නැයි ටිරාන් අලස්ගෙන් උපදෙස්

අපරාධ මැඩලීමට දැඩි පියවර ගන්නැයි ටිරාන් අලස්ගෙන් උපදෙස්

දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවෙමින් පවතින දරුණු අපරාධ වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

එසේම නීතිවිරෝධී සහ බලපත්‍ර රහිත ගිනිඅවි ආරක්ෂක අංශවලට භාරදීම සඳහා ජුලි 31 වනදා දක්වා සහන කාලයක් ලබාදී ඇති බවද ඔහු පැවසීය