ශ්‍රී ලංකාවට අද තීරණාත්මක තරඟයක්

ශ්‍රී ලංකාවට අද තීරණාත්මක තරඟයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තීරණාත්මක තරගය අද (25) පැවැත්වීමට නියමිතයි.

මුලික වටයේ B කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය මෙන්ම දෙවැනි තරගයේදී ඕමානය ද පහසුවෙන් ම පරාජය කළා.

ඒ අනුව ප්‍රසාද ලකුණු 4ක් සහ ශූද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ඔවුන් මෙම කාණ්ඩයේ පෙරමුණ ගෙන තිබෙන අතර මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගතහොත් සුපිරි කණ්ඩායම් හය දෙනාගේ වටයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගන්නවා.

මීට අමතරව ස්කොට්ලන්තයට ද එම අවස්ථාව උදාවන්නේ ඔවුන්ද සහභාගී වූ තරග දෙකම ජය ගෙන තිබීම නිසයි.

සිම්බාබ්වේ දේශයේ බුලවායෝහිදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත තරගය අද මධ්‍යහ්න 12යි 30ට ආරම්භ වීමට නියමිතයි.

COMMENTS