අක්ෂි රෝහලේ මියගිය කාන්තාවට දුන් නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට

අක්ෂි රෝහලේ මියගිය කාන්තාවට දුන් නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට

අක්ෂි රෝහලේ පසුගියදා සැත්කමක් සිදුකරමින් සිටියදී මියගිය කාන්තාවට ලබාදුන් නිර්වින්දන ඖෂධ කාන්ඩය භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

අදාළ කාන්තාව මියගොස් ඇත්තේ නිර්වින්දනය සිදුකර තිබියදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් බව මරණ පරික්ෂණ වාර්තාවෙන් තහවුරු වී තිබෙනවා.

ජාතික අක්ෂි රෝහලේ පසුගිය හතර වෙනිදා ශල්‍යකර්මයක් සිදුකරමින් සිටින අතරතුර කොස්ගොඩ පදිංචි දෙදරු මවක් මිය ගියා. අදාළ සිදුවීමත් සමග එම කාන්තාවට ලබාදුන් නිර්වින්දන ඖෂධ සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව චෝදනා එල්ලකළා. කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් ක්‍රියාත්මක කෙරුණා. ඇතිවූ තත්ත්වය පිළිබදව මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කෙරුණා.

COMMENTS