ශ්‍රී ලංකා T10 තරඟාවලිය ළඟදීම

ශ්‍රී ලංකා T10 තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලා.
ආරම්භක SLT10 තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගීවීමට නියමිතයි.
ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින් ද එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.
සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 6 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වනවා.
මෙම තරගාවලියට සමගාමීව කාන්තා T10 තරගාවලියක් ද පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා කණ්ඩායම් 4ක් එක්වීමට නියමිතයි.

