ICC Player of the month සම්මානය වනිඳුට

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග 2023 ජූනි මස ICC Player of the month සම්මානය සඳහා තෝරාගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ෂෝන් විලියම්ස් පරදවා අභිබවා යමින් ඔහු මෙම සම්මානයට සුදුසුකම් ලබා ඇති බවයි අයි.සී.සීය නිවේදනය කොට සිටින්නේ.
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ කඩුලු 22ක් දවා ගනිමින් ඔහු දැක්වූ දස්කම්ද ඊට හේතු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

