උදරාබාධයකට බෙහෙත් ගන්න රෝහලට ගිය තරුණියක් හදිසියේ මරුට

උදරාබාධයකට බෙහෙත් ගන්න රෝහලට ගිය තරුණියක් හදිසියේ මරුට

උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලට පැමිණි බව කියන 21 හැවිරිදි තරුණියක් හදිසියේ මියගොස් තිබෙනවා.

ඇයගේ මව චෝදනා කළේ තරුණියට ලබාදුන් එන්නතක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටයි.

මෙලෙස මියගොස් ඇත්තේ කඩුගන්නාව – පොත්තපිටිය ප්‍රදේශයේ පදිංචි චමුදි සන්දීපනි මධුෂිකා ජයරත්න නැමැති තරුණියයි.

උදරාබාධයක් හේතුවෙන් ඇය ඊයේ (11) පේරාදෙණිය රෝහලේ ඇතුළත් වූ ඇය හත්වන වාටටුවේ ප්‍රතිකාර ලබමින් සිටියාය.