තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලේ වී ගොවීන්ට

එළඹෙන මහ කන්නයේ දී තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ වී වගා කරන ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවයි
එමෙන්ම මේ වන විට යුරියා පොහොර මිල රුපියල් 9,000ක් දක්වා අඩු කර ඇති අතර එම්.ඕ.පී පොහාර මිල රුපියල් 14,000ක් දක්වා අඩු කිරීමටයි කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ

