තනි රෝදයෙන් වැඩ දැමු යතුරුපැදිකරුවන්ට වැඩ වරදී

තනි රෝදයෙන් වැඩ දැමු යතුරුපැදිකරුවන්ට වැඩ වරදී

කඩුවෙල – වැලිවිට වැව පාර ප්‍රදේශයේ මහජනතාවට ද අපහසුතාවයක් සහ අනතුරු ඇති වන අන්දමින් ඉතා අපරික්ෂාකාරී ලෙස යතුරු පැදි ධාවනය කළ පිරිසක් සම්බන්ධයෙන් කඩුවෙල පොලිස් ස්ථානයේ රථවාහන මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව නිලධාරීන් විසින් අදාළ ස්ථානයට ළඟාවීමේදී එම පිරිස යතුරු පැදි ඉහළට ඔසවමින් තනි රෝදයෙන් ආරක්ෂිත හිස් වැසුම්ද නොමැතිව යතුරු පැදි ධාවනය කරමින් සිට ඇති අතර නිලධාරීන් නැවැත්වීමට සංඥා කිරීමේදී පොලිස් අණ නොතකා ධාවනය කර ඇති බවයි වර්තා වන්නේ.

කෙසේ වෙතත් පොලිසිය ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් යතුරුපැදි 16ක් පොලිස් භාරයට ගෙන කඩුවෙල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

අපරික්ෂාකාරීව මෙලෙස යතුරු පැදි ධාවනය කල පුද්ගලයින් අවුරුදු 18 ත් 26 ත් අතර වයස්වල පසුවන වැල්ලම්පිටිය, මුල්ලේරියාව, අංගොඩ, මාලඹේ හා කැලණිමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම පිරිසට හෙට (18) කඩුවෙල ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට පොලිසිය විසින් දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

COMMENTS