අජිත් රෝහණගේ පෙත්සම සළකා බැලීමට දින නියම කෙරේ

අජිත් රෝහණගේ පෙත්සම සළකා බැලීමට දින නියම කෙරේ

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ජාතික පොලිස් කොමිසම විසින් තමන්ව ස්ථාන මාරු කිරීමට එරෙහිව ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 3 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියම කළා.

ඒ මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

මෙහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සමට අදාළ විරෝධතා ගොනු කර ඇති බවයි.