බස් රථයක් ප්‍රපාතයකට පෙරළී රියදුරු මරුට

වැල්ලවාය කරදගොල්ල කන්දෙවිහාර මාර්ගයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී යාමෙන් රියදුරු මියගොස් අට දෙනෙකු තුවාල ලැබුවා.
රක්කිත්තාකන්ද රජමහා විහාරස්ථානය ආසන්නයේදී උමා ඔය ව්‍යාපෘතියේ සේවකයින් පිරිසක් රැගෙන යමින් තිබූ මෙම බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වුණා. රථය අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුරින් බස්රථයේ රියදුරු ලෙස කටයුතු කළ 73 හැවිරිදි පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූ සේවකයින් 8 දෙනා ප්‍රතිකාර සදහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.
අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

