2023 පළමු පාසල් වාරය 21න් අවසන්

2023 පළමු පාසල් වාරය 21න් අවසන්

පළමු පාසල් වාරයේ අවසානය හා දෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ කර දිනය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ජූලි මස 21 සිකුරාදායින් අවසන් වේ.

දෙවන වාරයේ පළමු අදියරේ පාසල් වාරය ජූලි 24 සඳුදායින් ආරම්භ වීමට නියමිත බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.