ත්රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත යළි ගැසට් කිරීමට සාකච්ඡාවක්

උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වී තිබෙනවා.
එහිදී ත්රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජූලි 18 වනදා කෙටුම්පත් කමිටුව යුරෝපා සංගම් යෝජනා සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන අතර සංශෝධන සාකච්ඡා කර සුදුසු ක්‍රියාමාර්ගවලින් පසුව පනත් කෙටුම්පත නැවත ගැසට් කරනු ඇති බවද සඳහන්.

