ත්‍රිපිටකය ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර්ජාලයට

සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව ජාත්‍යන්තරව ඉගෙනීමට උනන්දු වන සියලු පාර්ශ්වයන් වෙනුවෙන් ඉංග්රිීසියෙන් ලියා අන්තර්ජාලයට මුදා හැරීමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සදහන් කළේ, එහි මුද්‍රණ කටයුතු ඉදිරියේදි සිදුකිරිමට නියම්ත අතර මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා හා අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව එය අන්තර්ජාලයට මුදා හරින බවයි.

