පාකිස්ථානයට ලකුණු 131ක පහසු ඉලක්කයක්

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 461 ක් ලබා ගත්තා.
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදුන් Saud Shakeel නොදැවී ලකුණු 208 ක් ලබා ගනිමින් ද්විත්ව ශතකයක් වාර්තා කළා.
පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් කඩුලු 5 ක්, ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක් හා විශ්ව ප්‍රනාන්දු හා කසුන් රාජිත එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනාම දැවී රැස් කර ගැනීමට හැකි වුනේ ලකුණු 279ක් පමණයි.
දනුෂ්ක සිල්වා ලකුණු 82 සහ මධුෂ්ක ලකුණු 52ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී අබ්රාර් අහමඩ් ලකුණු 68/3 සහ නොමන් අලි ලකුණු 75/3ක් දවා ගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් 312ක් රැස් කළ අතර පාකිස්තාන පළමු ඉනිම සඳහා ලකුණු 462ක් රැස් කළා.
ඒ අනුව තරගය ජය ගැනීමට පකිස්ථානයට ලකුණු 131ක් අවශ්‍යයි වනවා.

