ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති පුටුවට රියාස් මියුලර් පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති පුටුවට රියාස් මියුලර් පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධූරයට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන රියාස් මියුලර් පත්කර තිබෙනවා.

අද (20) පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදීයි එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් පනතට අනුකුලව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කළ යෝජනාවක් ලෙස එම යෝජනාව සම්මතකර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු වෙනුවට රියාස් මියුලර් අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් පත්කරගෙන තිබෙනවා.

KPMG හි මෙරට ප්‍රධානියා වන රියාස් මියුලර් ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පසුගියදා පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින්.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිණීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට රොහාන් ප්‍රනාන්දු දිගින් දිගටම විරෝධය පලකර තිබූ බවද වාර්තා වෙනවා.