කිරි පැයේ වෙනසක්

කිරි පැයේ වෙනසක්

කුඩා බිළිඳුන් සිටින රැකියාවල නිරත මව්වරුන්ට මව්කිරි දීම සඳහා ලබාදී තිබූ පැයක කාලය, පැය දෙක දක්වා දීර්ඝ කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කොමසාරිස් එන්.එම්.වයි. තුෂාරි පවසනවා.

එළඹෙන අගෝස්තු මාසයේ මුල් සතියට යෙදී තිබෙන මව්කිරි දීමේ සතිය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.