උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට සුබ ආරංචියක්

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ගේ පාසල් පැමිණීම සියයට 40ක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමේදී පාසල් අයදුම්කරුවන්ට සියයට 80ක පාසල් පැමිණීම අනිවාර්ය කිරීම හේතුවෙන් බොහො සිසුන් පිරිසකට විභාගයට පෙනීසිටීම සඳහා අවස්ථාව නොලැබෙන බවට පැමිණිලි ලැබීම හේතුවෙනි.
ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
2023 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම් පත් කැඳවීම ජුලි මස 28 වන දින අවසන් වීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.
එමෙන්ම මෙවර විභාගය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කළයුතු වන අතර අදාළ දිනයෙන් පසු අයදුම් පත් භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

