ලබන සතියේ සිට මරණ සහතිකයත් අලුත් වෙයි

ලබන සතියේ සිට මරණ සහතිකයත් අලුත් වෙයි

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නව මරණ සහතිකයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා.

මෙතෙක් පැවති මරණයට හේතුව පමණක් සඳහන් කොට B-18 පෝරමය යටතේ නිකුත් කළ මරණ සහතිකය වෙනුවට නව මරණ සහතිකය තුළ මරණයට හේතුපාදක වූ කරුණු හතරක් යටතේ කරුණු 24 ක් එහි අඩංගු කිරීමට නියමිත බවයි සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ.

රෝගියාට ලබා දුන් වෛද්‍යමය තොරතුරු, රෝගියා පිළිබඳ විස්තර, ඥාතීන් පිළිබඳ විස්තරද ඒ අතර ඇතුලත් වන අතර එය අන්තර්ජාතික නිර්නායකයන්ට අනුකූලව සකස් කරන ලද මරණ සහතිකයක් වීම විශේෂත්වයක්.

එමෙන් එළැඹෙන සතියේ සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 ට මරණ පරීක්ෂකවරයෙකු බැගින් පත් කිරීමටද අධිකරණ අමාත්‍යාංශය තීරණය කොට ඇති බවයි සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ.