පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000 ක්

පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000 ක්

පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් කඩිනමින් ස්ථිර කරන බව රජය පවසයි.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ඊට අදාළ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බවයි.

පළාත් පාලන ආයතනවල මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව 12,000 කි.

එය පියවීම සඳහා අදාළ සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදෙන බව අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ සඳහා කඩිනමින් කැබිනට් අනුමැතිය ද, ලබාගන්නා බවයි.

මේ වන විට පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් සංඛ්‍යාව 10,000කි.