වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ වැඩ තාවකාලිකව අත්හිටුවයි

වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ වැඩ තාවකාලිකව අත්හිටුවයි

වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් සැපයීම ලබන 28 සහ 31 යන දෙදින තුළ තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ දැනට කොල්ලුපිටියේ පවතින එම කාර්යාල ගොඩනැගිල්ල මරදාන – ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයට රැගෙන යාමට කටයුතු කිරීම හේතුවෙන්.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන් මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි වෙළඳ නාවික ලේකම් කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම 070 110 77 88 යන අංකයට වට්ස්ඇප් මගින් කෙටි පණිවුඩයක් යොමුකිරීමෙන් සේවාවන් ලබාගැනීමට පහසුකම්ද සළසා තිබෙනවා.