අමරකීර්ති ඝාතනයේ සැකකරුවන්ට ඇප

අමරකීර්ති ඝාතනයේ සැකකරුවන්ට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන සිද්ධියට අදාළව චෝදනා එල්ල වී සිටින විත්තිකරුවන් 37 දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබෙනවා.

ඒ මීට අදාළ නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ගම්පහ මහාධිකරණයේ අද (28) කැඳ වූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අමරකීර්ති අතුකෝරල නිට්ටඹුව ප්‍රදේශයේදී පහරදී ඝාතනයට ලක්වූයේ අරගලය ක්‍රියාත්මක වූ පසුගිය වසරේ මැයි මස 9 වනදායි.

මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයෙකු ද එහිදී ඝාතනය කෙරුණා.

COMMENTS