උතුර – නැගෙනහිර අද හර්තාල්

උතුර – නැගෙනහිර අද හර්තාල්

අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක් උතුර නැගෙනහිර පළාත්වල අද දිනයේ හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ, මුලතිව් – කොක්කුතුඩුවායි මිනී වළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස හා අතුරුදන්වූවන්ගේ ගැටලුවට නිසි විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

මෙම හර්තාලයට සහය ලබාදෙන බව යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් වවුනියාව දිස්ත්‍රික් වෙළඳ සංගමය, පෞද්ගලික බස් සංගම් මීට සහය දෙන්නේදැයි මේ දක්වා නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.