ස්ටුවර්ට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියට සමුදෙයි

ඕවල් පිටියේ පැවැත්වෙන අළුබඳුන පස්වැනි ටෙස්ට් තරගයෙන් පසු තමන් සමුගන්නා බව එංගලන්ත පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් පවසනවා.
එම තීරණය පිළිබඳව තම කණ්ඩායමේ සගයන් වන ජේම්ස් ඇන්ඩර්සන් සහ ජෝ රූට් ට සිකුරාදා දැන්වූ බව ඔහු සිය අවසන් තීරණය ගැන නිවේදනය කරමින් ඊයේ (29) පැවසීය.
37 හැවිරිදි ඔහු ටෙස්ට් තරග 167කදී කඩුලු 602ක් දවාගෙන ඇති අතර, ඔහු ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමේ සගයා වන ජේම්ස් ඇන්ඩර්සන්ට පසුව දෙවැනි සාර්ථකම වේග පන්දු යවන්නා බවට පත් වුණා.
බ්‍රෝඩ් ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තාගත ටෙස්ට් කඩුලු 151ක් දවා ගනිමින් අළු බඳුන ක්‍රිකට් පිටියේ එංගලන්තයේ විශිෂ්ට දස්කම් දැක්වූවෙක්.

