ජනිදුගෙන් වාර්තාවක්

ජනිදුගෙන් වාර්තාවක්

මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ජනිදු ලක්විජය සමත් වුණා.

ඒ කොළම සුගතදාස පිටියේ පැවත්වෙන 101 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරමින්.

ජනිදු විසින් බිඳ දැමුවේ ඔහු විසින්ම 2023 මාර්තු 21 වන දා තත්පර 13.82 ක් වාර්තා කර පිහිටුවා තිබූ වාර්තාවයි.

ඔහු එම ඉසව්ව තත්පර 13.77 දී නිමා කරන්නට සමත් වුණා.

ජනිදුට පෙර මෙහි ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරීත්වය දරා සිටියේ රොෂාන් ධම්මික රණතුංගයි.

ඔහු මේ වන විට ලෝක විශ්ව විද්‍යා තරගාවලිය සඳහා සහභාගී වීමට චීනයට ගොස් සිටින නිසා මෙම ඉසව්වේදී එකට ධාවනයේ යෙදෙන්නට අවස්ථාව ලැබුණේ නැහැ.

COMMENTS