අස්වැසුමට සුදුසුකම් නොලබන ප්‍රතිලාභීන් සඳහා සමෘද්ධිය

අස්වැසුමට සුදුසුකම් නොලබන ප්‍රතිලාභීන් සඳහා සමෘද්ධිය

‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්‍රමයට සුදුසුකම් නොලබන ප්‍රතිලාභී පවුල් 393,094ක් සඳහා ‘සමෘද්ධි’ ප්‍රතිලාභය අඛණ්ඩව ලබාදීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

එමෙන්ම හෙට (01) පොහොය දිනයක් වුවද ජනතාවට ‘අස්වැසුම’ බැංකු ගිණුම් විවෘත කිරීමට රාජ්‍ය බැංකු විවෘතව තබන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.