කුකුල් මස් ආනයනයට අවසර

කර්මාන්තශාලා සඳහා අවශ්‍ය කරන කුකුළු මස් ආනයනය කිරීමට අවසර ලබා දී තිබේ.
වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා අවසර ලබා දුන් බව ය.
මිල පාලනය කිරීමේ අරමුණින් කුකුළු මස් ආනයන කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා එහිදී පැවසීය.

