අද ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක් හැර සාමාන්‍ය කාලගුණයක්

අද ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක් හැර සාමාන්‍ය කාලගුණයක්

අද (02) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-45) පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්.

COMMENTS