දෙවැනි පොල් ත්‍රිකෝණය උතුරු පළාතේ

සැප්තැම්බර් 02 වැනිදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙරට දෙවැනි පොල් ත්‍රිකෝණය යාපනය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ “වසරක ප්‍රගතිය” සමාලෝචනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (02) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

