තමීම් ඉක්බාල් කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වෙයි

තමීම් ඉක්බාල් කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වී තිබෙනවා.

ඔහුට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ආබාධයකට ලක්වීම හේතුවෙන් අහිමි වී ඇති බව මීට පෙර වාර්තා වී තිබුණා.

පසුගිය මස 06 වනදා තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබුණ ද එරට අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීමක් මත සිය තීරණය වෙනස් කිරීමට ඔහු තීරණය කර තිබුණා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කර ඇත්තේ එක්දින නායකත්වයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සිය තීරණය අග්‍රාමාත්‍යවරියට මෙන්ම ක්‍රිකට් ආයතන බළධාරීන්ට ද දැනුම් දුන් බවයි.

https://tinyurl.com/yc2yhhb6

COMMENTS